hit counter

2026 ජූනි මස 01 වන සඳුදා

2022 ජූනි 19, ප.ව. 3:17


ක්‍රිකට් තරඟය බලන්න ගිහින් පොලීසියට පාට් දැමූ සිසුන්ට ඇප

පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවති තරගයේදී පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධා කිරීමේ චෝදනාවට අත්අඩංගුවට ගත් සරසවි සිසුවිය සහ සිසුන් තුන්දෙනා රුපියල් ලක්ෂය බැගින් වූ ශරීර ඇප මත නිදහස් කර තිබෙනවා.

ඒ, ඔවුන් තෙල්දෙණිය මහේස්ත්‍රාත් අධිකරණයට ඊයේ ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.

පසුගිය 16 වනදා පල්ලෙකැලේ පැවති ක්‍රිකට් තරගයේදී ක්‍රීඩාංගණයට ඇතුලුවන ක්‍රීඩාලෝලීන්ගේ ප්‍රවේශපත්‍ර පරීක්ෂා කරන අවස්ථාවේ බීමතින් පැමිණි පිරිසක්, පොලිස් නිලධාරීන්ට පරුෂ වචනයෙන් බැන තර්ජනය කරමින් ආවේගශීලීව සහ කළහකාරී ලෙස හැසිරී තිබුණා.