hit counter

2026 මැයි මස 16 වන සෙනසුරාදා

2024 මාර්තු 27, ප.ව. 5:44



ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක ධුරයට නාමල් රාජපක්ෂ මහතාව පත්කර තිබෙනවා.

අද (27) පස්වරුවේ කොළඹ විජේරාම මාවතේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ නිල නිවසේ දී එම පක්ෂයේ විධායක කමිටු රැස්වීම පැවැත්විණි.

එහිදී මෙම තීරණය ගත් බව එම රැස්වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දැක්වූ රාජ්‍ය අමාත්‍ය ඩී වී චානක මහතා සඳහන් කළා.

කෙසේ වෙතත්, මීට පෙර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක ධුරය හෙබ වූයේ හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා විසින්.