hit counter

2025 අප්‍රේල් මස 21 වන සඳුදා

2024 අප්‍රේල් 01, පෙ.ව. 8:24



ශ්‍රී ලංකා කණ්ඩායම බංග්ලාදේශය සමග පැවැත්වෙන දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේ පළමු ඉනිමට ලකුණු 531ක් ලබා ගත්තේය.

එකඳු හෝ ශ්‍රී ලංකා ක්‍රීඩකයෙක් ශතකයක් වාර්තා කිරීමට අසමත් වූ අතර එය කණ්ඩායමක් ලෝක ටෙස්ට් ක්‍රිකට් පිටියේ ශතකයක් ලබා නොගෙන ඉනිමකදී ලබා ගත් ඉහළ ලකුණු ගණන ද වනවා.

මීට පෙර ඉන්දියාව ,නවසීලන්තයට එරෙහිව 1976දී ලකුණු 524ක් ලබා ගෙන තිබුණා.

කුසල් මෙන්ඩිස් ලකුණු 93ක් ද ,කමිඳු මෙන්ඩිස් නොදැවී ලකුණු 92ක් ද ලබා ගත්තේය.

පළමු ටෙස්ට් ඉනිම් හතර අවසන් වන විට කමිඳු ලකුණු 419ක් ලබා ගෙන තිබේ.

මෙය පළමු ටෙස්ට් ඉනිම් 4 අවසන් වන විට ටෙස්ට් පිටියේ ක්‍රීඩකයෙක් ලබා ගත් වැඩිම ලකුණු ගණන සමකිරීමක් ද වනවා.

මීට අමතරව ලකුණු 419ක් පාකිස්ථාන හිටපු ක්‍රිකට් ක්‍රීඩක ජාවෙඩ් මියන්ඩාඩ් ද ලබා ගෙන තිබේ.