2024 අප්‍රේල් 06, ප.ව. 3:33
සිමෙන්ති කර්මාන්තය සඳහා කිලිනොච්චිය පූනගරි ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් පොන්නාවේලි ප්‍රදේශයෙන් හුණුගල් ලබාගැනීමට එරෙහිව දිගින් දිගටම විරෝධතා පැවැත්වෙන පසුබිමක පොන්නවේලි සිමෙන්ති කම්හල විවෘත කිරීමට ගිය අමාත්‍ය ඩග්ලස් දේවානන්දව ජනතා විරෝධය හමුවේ ආපසු හැරීගිය බව වාර්තා වේ.
මෙම තත්ත්වය තුළ එම කර්මාන්ත ශාලාව ආරම්භ කිරීමට පියවර ගැනීම සම්බන්ධයෙන් ජනතාව විරෝධය පළ කර ඇති අතර එම අවස්ථාවට සම්බන්ධව වූ අමාත්‍ය ඩග්ලස් දේවානන්ද සහ විරෝධතාකරුවන් අතර උණුසුම් වචන හුවමාරුවක් ඇති වූ බව ද සඳහන් වේ.
කෙසේ වෙතත්, අවසානයේ මහජන විරෝධතාවය හේතුවෙන් උත්සවය අවලංගු කර අමාත්‍යවරයා ආපසු පැමිණීමට කටයුතු කර ඇත.
2025 අප්‍රේල් 10, ප.ව. 7:35
2025 අප්‍රේල් 10, ප.ව. 7:15
2025 අප්‍රේල් 10, ප.ව. 5:25
2025 අප්‍රේල් 10, ප.ව. 5:06
2025 අප්‍රේල් 10, ප.ව. 3:36