hit counter

2026 පෙබරවාරි මස 03 වන අඟහරුවාදා

2022 ජූනි 21, පෙ.ව. 11:21



ගිරාපෝතක පාර්ලිමේන්තුව වර්ජනය කරනවා යැයි විශේෂ ප්‍රකාශයක් කරමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද(21) පාර්ලිමේන්තුවේදී පැවසුවා.

මේ රටේ දුක් විඳින ජනතාවගේ අපේක්ෂාවන් හෝ, මේ රට බරපතළ ලෙස කඩා කඩා වැටීම වැලැක්වීමට හෝ, මේ රට ගොඩනැඟීමට කිසිදු වැඩ පිළිවෙලක් නැති ආණ්ඩුව සහිත පාර්ලිමේන්තුව වර්ජනය කිරීමට තීන්දු කරන බවයි විපක්ෂ නායකවරයා පාර්ලිමේන්තුවට දැනුම් දුන්නා.

පෝලිම් වල දුක් විඳින ජනතාවගේ දුක නොතේරෙන, කිරි පිටි ටික නැතුව දුක් විඳින අම්මා වරුන්ගේ සහ දූ දරුවන්ගේ දුක නොතේරෙන, හොරා කෑමටත් ගසාකෑමටත් අත් උස්සන පාර්ලිමේන්තුව කතා සාප්පුවක් පමණක් බවද විපක්ෂ නායකවරයා සඳහන් කළා.

ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා පාර්ලිමේන්තු විවාදයට එක්වෙමින් සඳහන් කලේ මේ සතියේ පාර්ලිමේන්තුව වර්ජනය කිරීමට විපක්ෂයේ සියලු දෙනා එක්ව තීරණය කළ බවයි.

අර්බුදය විසඳන මාර්ග සිතියම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලෙසද අනුර කුමාර මන්ත්‍රීවරයා ආණ්ඩුවෙන් ඉල්ලා සිටියා.

https://youtu.be/_Zhpmxg0xkQ




ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: