hit counter

2026 පෙබරවාරි මස 27 වන සිකුරාදා

2024 අප්‍රේල් 15, ප.ව. 3:10



ජනපති රනිල් වික්‍රමසිංහ, සංචාරක ඉඩම් සහ ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු සමඟ නුවරඑළිය මීපිළිමානේ බක් මහා උළෙලකට සහභාගී වුණා.

එහිදී නිවේදිකාව ජනපතිගෙන් ඇසූ ප්‍රශ්නයකට ජනාධිපතිවරයා දුන් පිළිතුර නිසා අවුරුදු උත්සවයේ සිටි සියල්ලෝම සිනා සාගරයක ගිලී ගිය බවයි වාර්තා වුනේ. අවුරුදු උත්සව භූමියේ තරඟ නරඹමින් සිටි ජනාධිපතිවරයා අසලට ගිය නිවේදිකාව ” ඔබතුමා මෙච්චර ලස්සන වුනේ කෙසේදැයි විමසුවා.

ඊට ක්ෂණිකව පිළිතුරක් දුන් ජනාධිපතිවරයා ” මම ලස්සන වුනේ යූ.එන්.පී එකට බැඳිලා” යැයි සිනා මුසු මුහුණින් පැවසුවා.

ජනාධිපතිවරයාගෙන් නිවේදිකාව ඇසූ ප්‍රශ්නය සහ ඊට ලැබුණු පිළිතුර මුළු උත්සව භූමිය පුරා ශබ්ද විකාශන යන්ත්‍රය ඔස්සේ සජීවීව විකාශය වෙමින් පැවති හෙයින් සියල්ලන්ගේම මුවට සිනහවක් නැගිණි.