hit counter

2026 අප්‍රේල් මස 07 වන අඟහරුවාදා

2022 ජූනි 21, ප.ව. 5:48


අනුරුද්ධ බණ්ඩාර ගැන ගත් තීරණය

සමාජ මාධ්‍ය ජාලා ක්‍රියාකාරිකයකු වන අනුරුද්ධ බණ්ඩාරට එරෙහි නඩුවෙන් ඔහු නිදහස් කිරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් කේමින්ද පෙරේරා අද (21) නියෝග කළා.

සමාජ මාධ්‍ය ජාලා උපයෝගී කර ගනිමින් මහජනතාව තුළ යම් කැලඹීමක් ඇති වන ආකාරයක පුවතක් පළ කළ බවට ඔහුට එරෙහිව මෙම නඩුව පවරා තිබුණේ.

මෙම සැකකරුට අදාළ චෝදනා පවත්වාගෙන යාමට නොහැකි බවට ඔහු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මහතා මීට පෙර අධිකරණය හමුවේ කරුණු දක්වා තිබෙනවා.

ඒ අනුව ඔහු මුදාහරින ලෙසත් ජනාධිපති නීතිඥවරයා අධිකරණය වෙත ඉල්ලීම් ඉදිරිපත් කර තිබුණා.

පොලීසිය හා විත්ති පාර්ශ්වය විසින් ඉදිරිපත් කළ කරුණු සලකා බලමින් මහේස්ත්‍රාත්වරයා සිය නියෝගය ප්‍රකාශ කරමින් සඳහන් කළේ මෙම සැකකරු නිදහස් කරන බවයි.