hit counter

2026 ජූනි මස 01 වන සඳුදා

2022 ජූනි 22, ප.ව. 12:27


රැට්ටා, ළහිරු ඇතුළු පිරිසක් පොලීසියට භාරවෙයි

ජුනි 09 සහ 10 දිනවල කොටුව සහ තලංගම ප්‍රදේශවල ඇති වූ ප්‍රචණ්ඩ ක්‍රියා සම්බන්ධයෙන් අවශ්‍යව සිටි රතිඳු සේනාරත්න හෙවත් ‘රැට්ටා’, වසන්ත මුදලිගේ සහ ළහිරු වීරසේකර යන පුද්ගලයින් අද (22) මරදාන පොලීසියට පැමිණ භාර වී තිබෙනවා.

අන්තර් විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ සහ ළහිරු වීරසේකර, රතිඳු සේනාරත්න (රැට්ටා), ජගත් මනුවර්ණ, ධම්මික මුණසිංහ , රත්කරව්වේ ජිනරතන හිමි, එරංග ගුණසේකර, ජෙහාන් අප්පුහාමි සහ ගල්වැව සිරිධම්ම හිමි අත්අඩංගුවට ගෙන ඉදිරිපත් කරන ලෙසට අධිකරණය මීට පෙර නියෝග කළා.