hit counter

2025 දෙසැම්‍බර් මස 25 වන බ්‍රහස්පතින්දා

2024 අප්‍රේල් 30, ප.ව. 12:31


මහින්දානන්ද නිදොස් කොට නිදහස්

හිටපු අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතාට එල්ල වී තිබූ මුල්‍ය විශුද්ධිකරන චෝදනාවලින් නිදොස් කොට නිදහස් කිරීමට කොළඹ මහාධිකරණය අද නියෝග කළා.

පසුගිය යහපාලන රජය සමයේ අදාළ චෝදනා ගොනු කරමින් නීතිපතිවරයා විසින් අලුත්ගමගේ මහතාට එරෙහිව මෙම නඩුව පවරා තිබිණ.

අයථා ලෙස උපයා ගන්නා ලද රුපියල් මිලියන 27ක පමණ මුදලකින් කොළඹ සුඛෝපභෝගී නිවසක් මිලදී ගැනීම හරහා මුල්‍ය විශුද්ධිකරන සිදුකර ඇති බවට එමඟින් චෝදනා එල්ල වුණා.