2024 මැයි 02, පෙ.ව. 12:03
අද (02) සහ හෙට යන දෙදින තුළ අසනීප නිවාඩු වාර්තා කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයක නිරත වීමට රජයේ විධායක නිලධාරීන්ගේ ඒකාබද්ධ කමිටුව තීරණය කර ඇති බව වාර්තා වෙනවා.
ඒ වැටුප් විෂමතා ඇතුළු වෘත්තීය ගැටලුවලට විසඳුම් ලබානොදීමට විරෝධය පළ කරමින්.
එමෙන්ම, එම කමිටුව සඳහන් කළේ එයට සමගාමීව හෙට දිනයේ කොළඹ දී උද්ඝෝෂණ ව්‍යාපාරයක් පැවැත්වෙන බවයි.
රජයේ දීපව්‍යාප්ත සේවාවලට සහ සමාන්තර දෙපාර්තමේන්තු ගත සේවාවලට අයත් 18,000ක් පමණ වන විධායක නිලධාරීන් හට බලපා ඇති වෘත්තීය ගැටලුවලට විසඳුම් ලබාදීම සඳහා රජය මෙතෙක් කටයුතු කර නොමැති බව එම කමිටුව පෙන්වා දෙනවා.
එමෙන්ම, මේ වන විටත් සියලුම දිස්ත්‍රික් හා ප්‍රාදේශීය සම්බන්ධිකරණ කටයුතුවලින් රජයේ විධායක නිලධාරීන් ඉවත් වී ඇත.
කෙසේ වෙතත්, දේශපාලඥයින් විසින් කැඳවනු ලබන රැස්වීම් ද වර්ජනය කර ඇති බව එම කමිටුව වැඩිදුරටත් සඳහන් කළා.
2025 අගෝස්‍තු 26, ප.ව. 2:40
2025 අගෝස්‍තු 26, ප.ව. 2:30
2025 අගෝස්‍තු 26, ප.ව. 2:16
2025 අගෝස්‍තු 26, ප.ව. 1:55
2025 අගෝස්‍තු 26, ප.ව. 1:52
26-08-25
26-08-25
26-08-25
26-08-25
26-08-25
26-08-25
25-08-25
25-08-25
25-08-25
25-08-25
24-08-25
24-08-25
24-08-25
24-08-25
24-08-25
24-08-25
24-08-25
24-08-25
24-08-25
24-08-25
23-08-25
23-08-25
23-08-25
23-08-25