2024 මැයි 02, පෙ.ව. 12:05
විදුලිබල හා බලශක්ති රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ මහතා විශේෂ ප්‍රකාශයක් සිදු කළා.
ඒ මැයි මාසයේ දී විදුලි බිල අඩු කිරීමේ හැකියාවක් පවතින බවයි.
රාජ්‍ය අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ ජනාධිපති මාධ්‍ය මධ්‍යස්ථානයේ දී පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ය.
විදුලි ගාස්තු සංශෝධනයක් මෙම මාසයේ දී සිදුකිරීමට නියමිත බවත්, ඒ අනුව අදාළ දත්ත ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාවට (PUCSL) යොමු කරන බවත් ඒ මහතා මෙහිදී පැවසුවා.
එමෙන්ම, උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය හරහා විදුලිබල පද්ධතියට එක්වන මෙගාවොට් 120ක ප්‍රතිලාභය තුළින් ජනතාවට සහන ලබාදීමට රජය බලාපොරොත්තු වන බව රාජ්‍ය අමාත්‍යවරයා කියා සිටියා.
කෙසේ වෙතත්, විදුලිබල පද්ධතියට මෙගාවොට් 120ක් එක් කිරීම හේතුවෙන් ලංකා විදුලිබල මණ්ඩලයට රාත්‍රී කාලයේ එම ප්‍රමාණයේම විදුලිය නිපදවීමට යොදා ගන්නා ඩීසල් පිරිවැය කපා හැරිය හැකි බව ද වැඩිදුරටත් අදහස් දක්වමින් ඒ මහතා සඳහන් කළා.
2026 සැප්තැම්බර් 03, පෙ.ව. 12:32
2026 සැප්තැම්බර් 03, පෙ.ව. 12:30
2026 සැප්තැම්බර් 03, පෙ.ව. 12:25
2026 සැප්තැම්බර් 03, පෙ.ව. 12:23
2026 සැප්තැම්බර් 03, පෙ.ව. 12:17
02-09-26
02-09-26
31-08-26
31-08-26
14-08-26
14-08-26
11-05-26
11-05-26
09-05-26
09-05-26
29-04-26
29-04-26
22-04-26
22-04-26
20-04-26
20-04-26
05-04-26
05-04-26
30-03-26
30-03-26
12-03-26
12-03-26
11-03-26
11-03-26