2024 මැයි 04, ප.ව. 3:33
අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාග අපේක්ෂකයින් වෙනුවෙන් පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව අද (04) දිනයේ විවෘත කර තිබෙනවා.
එම දෙපාර්තමේන්තුව සඳහන්කළේ සාමාන්‍ය පෙළ විභාග අපේක්ෂකයින් සඳහා පමණක් ගාල්ල, කුරුණෑගල වවුනියාව මඩකලපුව හා නුවරඑළිය යන දිස්ත්‍රික්කවල පිහිටි පළාත් කාර්යාල අද පෙරවරු 8.30 සිට පස්වරු 1.00 දක්වා විවෘතව තැබෙන බවය.
මේ වන තෙක් ජාතික හැඳුනුම්පත් ඉල්ලුම්පත් ඉදිරිපත් නොකළ ඉල්ලුම්කරුවන් වේ නම් විදුහල්පති හෝ ග්‍රාම නිලධාරී විසින් සහතික කළ නිසි ලෙස සම්පූර්ණ කරන ලද ඉල්ලුම්පත් රැගෙන පැමිණිය යුතු බව සඳහන් වෙනවා.
අදාළ තොරතුරු තහවුරු කිරීමේ ලිපිය www.drp.gov.lk වන පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තු නිල වෙබ් අඩවියට පිවිස බාගත කර ගත හැකි බව පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව දැනුම් දී ඇත.
2026 මාර්තු 22, පෙ.ව. 12:26
2026 මාර්තු 22, පෙ.ව. 12:25
2026 මාර්තු 22, පෙ.ව. 12:19
2026 මාර්තු 22, පෙ.ව. 12:19
2026 මාර්තු 22, පෙ.ව. 12:17