2024 මැයි 06, පෙ.ව. 11:11
ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම මෙවර ICC කාන්තා T20 ලෝක කුසලාන තරගාවලිය සඳහා සුදුසුකම් ලබාගන්නට සමත් විය.
සුදුසුකම් ලබාගැනීමේ වටයේ අවසන් මහා තරගයට තේරීපත් වන්නට ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්ට හැකියාව ලැබුණේ එක්සත් අරාබි එමීර් රාජ්‍යය ලකුණු 15කින් පරාජය පත් කරමින්.
ඒ අනුව එළඹෙන ඔක්තෝම්බර් මස බංගලාදේශයේ දී පැවැත්වීමට නියමිත ICC කාන්තා T20 ලෝක කුසලානයට ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට සුදුසුකම් ලැබීමට හැකියාව ලැබුණා.

මෙම තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම පන්දුවාර 20දී කඩුලු 6ක් දැවී ලකුණු 149ක් ලබා ගත්තේය.
පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ එක්සත් අරාබි එමීර් කාන්තා කණ්ඩායම ලබා ගත්තේ පන්දුවාර 20 අවසානයේදී කඩුලු 7ක් දැවී ලකුණු 134ක් පමණයි.

සුදුසුකම් ලබාගැනීමේ වටයේ අවසන් මහා තරගය ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සහ ස්කොට්ලන්ත කාන්තා කණ්ඩායම අතර හෙට පැවැත්වීමට නියමිතය.
2026 අගෝස්තු 26, ප.ව. 10:41
2026 අගෝස්තු 25, ප.ව. 10:19
2026 අගෝස්තු 23, ප.ව. 9:19
2026 අගෝස්තු 22, පෙ.ව. 10:37
2026 අගෝස්තු 21, ප.ව. 10:20