2024 මැයි 07, පෙ.ව. 11:02
සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයෙකු මෙන්ම මිනීමැරුම් කීපයක් සදහා චෝදනා ලබා සිටින අධිකාරම් මුදියන්සේලාගේ රමේෂ් ප්‍රියජනක නොහොත් ” මන්නා රමේෂ් ” නැමැති අය අද (07) අලුයම ඩුබායි සිට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ නිලධාරීන් පිරිසක් විසින් අත් අඩංගුවට ගෙන කටුනායක ගුවන් තොටුපොළ වෙත රැගෙන පැමිණියා.
32 හැවිරිදි වියේ පසුවන මන්නා රමේෂ් අවිස්සාවේල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.
ඔහු මීට මාස කීපයකට පෙර ඩුබායි හී දී එරට ආරක්ෂක නිලධාරීන් පිරිසක් විසින් අත් අඩංගුවට ගෙන තිබුණි.
මන්නා රමේෂ් අද (07) දින අලුයම 04.43 ට ඩුබායි සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 226 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත රැගෙන විත් තිබුණි.
ඔහු වෙනුවෙන් කටුනායක ගුවන් තොටුපොළ තුළ පොලිස් නිලධාරීන්ට අමතරව පොලිස් විශේෂ කාර්යය බළකායේ නිලධාරීන් විශාල පිරිසක් ද කැදවා තිබුණි.
කටුනායක ගුවන් තොටුපොළ වෙත රැගෙන පැමිණි මන්නා රමේෂ් , ගුවන් තොටුපොළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු ඒකකය වෙත කැදවා ගෙන පැය 04 ක පමණ කාළයක් ප්‍රකාශ සටහන් කර ගැනීමෙන් අනතුරුව උදෑසන 08.40 ට පමණ මිරිහාන කොළඹ දකුණ බස්නාහිර පළාත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු මූලස්ථානය වෙත දැඩි ආරක්ෂක විධිවිධාන යටතේ රැගෙන යාමට පියවර ගෙන තිබුණි.
2026 ඔක්තෝබර් 26, ප.ව. 4:26
2026 ඔක්තෝබර් 26, ප.ව. 4:17
2026 ඔක්තෝබර් 26, ප.ව. 3:41
2026 ඔක්තෝබර් 26, පෙ.ව. 8:36
2026 ඔක්තෝබර් 26, පෙ.ව. 8:25