hit counter

2026 සැප්‍තැම්‍බර් මස 06 වන ඉරිදා

2024 මැයි 12, ප.ව. 12:30


මෛත්‍රීපාල නිදහස් පක්ෂ සභාපති ධුරයෙන් ඉවත් වෙයි

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති ධුරයෙන් ඉල්ලා අස්වී තිබෙනවා.

මේ වනවිට කෝට්ටේදී පැවැත්වෙන එම පක්ෂයේ මෛත්‍රීපාල සිරිසේන පාර්ශ්වයේ විධායක සභා රැස්වීමේදී ඔහු මෙම තීරණය දැනුම් දී තිබෙනවා.

එහිදී ඒකමතිකව තීරණය වී ඇත්තේ අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා පක්ෂ සභාපති ධුරයට පත් කිරීමටයි.

කෙසේ වෙතත් විජේදාස රාජපක්ෂ මහතාට එරෙහිව ද අධිකරණයෙන් වාරණ නියෝගයක් නිකුත්කර තිබෙනවා.