hit counter

2026 ජනවාරි මස 29 වන බ්‍රහස්පතින්දා

2024 මැයි 12, ප.ව. 3:21



ලෝක අම්මාවරුන්ගේ දිනයේත් දඹුල්ලේ වැඩිහිටි නිවාසයේ සිටිනා අම්මාවරුන් පස් දෙනකුගේ දුක්බර කතාව සොයා එහි ගියා.

දරුවන් හට තම සියලු දේ ලබා දී අවසානයේදී වැඩිහිටි නිවාසයක ජීවත් වන මෙම අම්මාවරුන් පස්දෙනා හැඬු කඳුළින්ම කියා සිටියේ අදටත් තමන් දරුවන් වෙනුවෙන් හැඬු කඳුළෙන් ජීවත්වන බවයි.

කෙසේ වෙතත් ඔවුන්ගේ එකම බලාපොරොත්තුව එකම එක දවසක් හෝ තම දරුවන් ළඟට ගොස් මුනුබුරන් සමග ජීවත්වීම බව එම අම්මාවරුන් කියා සිටිනවා.

මෙහි අම්මා වරුන් රැසක් සිටිනවා.

කෙසේවෙතත් ඉහළ රැකියා වල නිරතව සිටින දරුවන් මෙම ස්ථානයට ගෙන විත් දැමූ බවත් තවත් අම්මාලා මෙම ස්ථානයට කාත් කවුරුත් සැලකීමක් නැති නිසා පැමිණි බවත් කියා සිටියා.

ලෝක අම්මාවරුන්ගේ දිනය දා වැඩිහිටි නිවාසයේ ජීවත්වන මෙම අම්මලා පස්දෙනාගේ කතාව හදවත දවන කතාවක් තවත් අම්මා කෙනෙකුට මේ  සමාජයේ තමන්ට සිදු වූ දේ සිදු නොවිය යුතු බව මෙම අම්මලාගේ අදහස වී තිබෙනවා.