2024 මැයි 13, පෙ.ව. 12:04
            
තීරු බදු රහිත වාහන බලපත්‍ර පාර්ලිමේන්තු මන්ත්‍රීන්ට ලබාදීමේ තීරණය සම්බන්ධයෙන් සිදුකරන සාකච්ඡා පසුවට කල් තැබීමට තීරණය කර ඇති බව වාර්තා වේ.
පසුගියදා පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී මේ සම්බන්ධයෙන් සාකච්ඡා කර ඇතත් විවිධ ප්‍රතිවිරෝධතා හේතුවෙන් තීරණයක් ගැනීමට නොහැකි වී ඇත.
රටේ ජනතාව අන්ත අසරණ තත්ත්වයට පත්ව සිටින මොහොතක වාහන බලපත්‍ර ලබාදීම සුදුසු නොවන බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක නීතිඥ ලක්ෂ්මන් කිරිඇල්ල සහ මහාචාර්ය ජී එල් පීරිස් එම කාරක සභාවේදී සදහන් කර ඇත.
කතානායකවරයා පාර්ලිමේන්තු කාරක සභාවේදී පවසා ඇත්තේ තමන්ට වාහන බලපත්‍ර සම්බන්ධයෙන් තීරණයක් ගැනීමට හැකියාවක් නොමැති නිසා ජනාධිපතිවරයා වෙත මෙම ඉල්ලීම ලබාදෙන බවයි.
මන්ත්‍රීවරුන්ට තීරු බදු රහිත වාහන බලපත්‍ර ලබාදෙන ලෙස කර ඇති ඉල්ලීම ජනාධිපති රනිල් වික්‍රමසිංහ වෙත යොමු කිරීමට කථානායක මහින්ද යාපා අබේවර්ධන තීරණය කර ඇත.
                                                        2025 මැයි 22, ප.ව. 1:15
                                                        2025 මැයි 21, ප.ව. 3:30
                                                        2025 මැයි 21, ප.ව. 12:30
                                                        2025 මැයි 20, ප.ව. 8:01
                                                        2025 මැයි 20, ප.ව. 6:18