hit counter

2024 දෙසැම්‍බර් මස 21 වන සෙනසුරාදා

2022 ජූනි 23, ප.ව. 2:42


රතන හිමි CID යයි

පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමියන් පැමිණිල්ලක් කිරීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණ සිටි බව වාර්තා වෙනවා.

රෝයල් පාර්ක් සිද්ධියේ විත්තිකරුට ජනාධිපති සමාවදීම සම්බන්ධයෙන් තමා ද සම්බන්ධ කරගනිමින් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කර ඇති ප්‍රකාශය සම්බන්ධයෙන් පැමිණිල්ලක් කිරීම සඳහා තමන් පැමිණි බව උන්වහන්සේ පැවසුවා.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පිටත පැමිණ මාධ්‍ය වෙත අදහස් දැක්වු පූජ්‍ය රතන හිමි,

“ජූඩ් ශාමන්ත ජයමහ යන පුද්ගලයාව නිදහස් කරන ලෙස නියෝග කළේ, විශේෂයෙන්ම බන්ධනාගාරය මුල්කරගෙන පවතිනවා විශේෂඥ කමිටුවක්. ඒකට හිටපු නඩුකාරවරු, නීතිඥයින්, මනෝ වෛද්‍ය විශේෂඥවරු ඇතුළු ඇතුළු පිරිසක් තමා මේ පරීක්ෂණය කරන්නේ. එහිදී තමා මේක නිර්දේශ වුණේ. මොහුව මරණීය දණ්ඩනයෙන් නිදහස් කොට ජීවිතාන්තය දක්වා සිරදඬුවමකට යටත් කරලා, ඊට පසු වසර ගණනක් ගියාට පස්සේ, ඔහුට මරණීය දණ්ඩනයෙන් නිදහස් කරන ලෙස ප්‍රකාශ කළේ මේ විශේෂඥ කමිටුව.”