hit counter

2026 මැයි මස 16 වන සෙනසුරාදා

2024 මැයි 16, පෙ.ව. 10:22



ඉදිරි මැතිවරණ වලට ප්‍රථම නව සන්ධානය සහ ශ්‍රිලනිපය සමග එලඹෙන පුලුල් සන්ධානයේ කටයුතු අවසන් කිරීම නියමිතව තිබෙනවා.

ඒ අනුව ජූලි මස මැද සතිය වන විට එම කටයුතු අවසන් කිරීමට ඊයේ රැස්වුනු එම සන්ධානයේ විධායක සභාව තීරණය කලා.

මෙම සන්ධානය සමග සජබ මන්ත්‍රීවරුන් 15 කට ආසන්න පිරිසක් එක්වීමට දැනටමත් සාකච්ඡා කර ඇති බවද එම පක්ෂයේ ජේශ්ඨ ප්‍රකාශකයෙකු කියා සිටියා.

ලබන 8 වැනිදා හම්බන්තොට පැවැත්වීමට නියමිත නව සන්ධානයේ පලමු මැතිවරණ ප්‍රචාරක රැලියට දැනට සාකච්ඡා කර එකගතාවයකට පැමිණි මන්ත්‍රීවරුන් 40 කට ආසන්න සංක්‍යාවක් එක්වීමට නියමිත බවද ඉහත ප්‍රකාශකයා වැඩිදුරටත් සදහන් කලා.