hit counter

2026 මාර්තු මස 03 වන අඟහරුවාදා

2022 අප්‍රේල් 19, පෙ.ව. 11:26


තිරිඟු පිටිත් ගණන් උස්සයි! අලුත් මිල ගණන් මෙන්න

ප්‍රිමා තිරිගු පිටි කිලෝවක මිල (19) දින සිට රු 40 කින් ඉහල දැමු බව එම සමාගම විසින් දිවයිනේ සියළුම අලෙවි නියෝජිතයන් වෙත දැනුම් දී තිබෙනවා.

ඒ අනුව අලෙවි නියෝජිතයන්ට අවශ්‍ය තිරිගු පිටි තොග ලබා ගැනිමේදී සෑම කිලෝවකටම රුපියල් 40 ක් වැඩි කර සමාගම වෙත මුදල් බැර කරන ලෙස සමාගම විසින් අලෙවි නියෝජිතයන් වෙත දැනුම් දී ඇතැයි වාර්තා වනවා.

නව මිල වැඩි කිරිමත් සමග තිරිගු පිටි කිලෝවක උපරිම සිල්ලර මිල රුපියල් 240 සිට රුපියල් 250 දක්වා ඉහල යන බව අලෙවි නියෝජිතයන් පෙන්වා දෙනවා.

සෙරෙන්ඩිප් තිරිගු පිටි සමාගමද තිරිගු පිටි කිලෝවක මිල වැඩි කරන බව දිවයිනේ සියළුම අලෙවි නියෝජිතයන් වෙත දැනුම් සී තිබෙනවා.