hit counter

2026 ජූනි මස 01 වන සඳුදා

2022 ජූනි 23, ප.ව. 4:58


කෝටි ගණනක වාහන රේගුවට මාට්ටු

නීති විරෝධීව එංගලන්තයේ සිට ගෙනඑන ලද රුපියල් කෝටි 8 කට අධික වටිනාකමින් යුත් සුඛෝපභෝගි මෝටර් රථ තුනක් ඔරුගොඩවත්ත රේගු අංගනයේදී භාරයට ගත් බව ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුව පවසයි.

වාහන අමතර කොටස් යැයි පවසා විශාල ප්‍රමාණයේ කන්ටේනරයක සඟවා තිබූ Mercedes Benz Maybach, Audi A1, BMW යන වර්ගවල මෝටර් රථ සොයාගත් බව ද රේගුව වැඩිදුරටත් සඳහන් කළා.