2024 මැයි 21, ප.ව. 4:51
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් පත්කල මැතිවරණ මෙහෙයුම් කමිටුව අද පස්වරුවේ රැස්වීමට නියමිතව තිබෙනවා.
කෙසේ වෙතත් එම හමුවටද සහභාගී නොවීමට නව සන්ධානයේ නිර්මාතෘ පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් ලන්සා ඇතුළු පිරිස තීරණය කර ඇති බව එම පක්ෂ කාර්‍යාලයේ ප්‍රකාශකයෙකු කියා සිටියා.
ඊට හෙතුව වී ඇත්තේ පොදුජන පෙරමුණ නියෝජනය කරමින් බැසිල් රාජපක්ෂ මහතාගේ නියෝජිතයින් ඊට එක්වීමයි.
පොහොට්ටුවේ නියෝජිතයින් සහභාගී වන කිසිදු මැතිවරණ මෙහෙයුම් කමිටු රැස්වීමකට සහභාගී නොවීමට එම කණ්ඩායම පසුගිය සතියේ තීරණයක් ගෙන ඇති අතර එය ඉදිරියටද එලෙසින්ම ක්‍රියාත්මක බව ද ඉහත ප්‍රකාශකයා වැඩිදුරටත් කියා සිටියා.
2025 මැයි 22, ප.ව. 1:15
2025 මැයි 21, ප.ව. 3:30
2025 මැයි 21, ප.ව. 12:30
2025 මැයි 20, ප.ව. 8:01
2025 මැයි 20, ප.ව. 6:18