hit counter

2026 මාර්තු මස 17 වන අඟහරුවාදා

2024 මැයි 21, ප.ව. 5:13



හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සහ ශිරන්ති රාජපක්ෂ යුවලගේ විවාහයට වසර 41ක් සැපිරී තිබෙනවා.

ඒ වෙනුවෙන් හිටපු ජනාධිපතිවරයා සිය ෆේස්බුක් ගිණුමේ පහත සටහන තබා තිබිණි.

අපේ විවාහ ජීවිතයට දැන් අවුරුදු 41යි. දශක හතරක් කියන්නේ දිගු කාලයක්. දුක සතුට සම සේ දරාගනිමින් අභියෝග හමුවේ නොසැලී මහ මෙරක් වගේ ශිරන්ති හැමදාම මගේ ළඟින්ම හිටියා. බිරිඳක, මවක, මිතුරියක, මිත්තනියක ලෙස ඔබ කළ කැපකිරීම් අසමසමයි. ඒ සියල්ලටම බොහොම ස්තුතියි. දයාබර ශිරන්තිට සුබ විවාහ සංවත්සරයක් වේවා!