hit counter

2024 දෙසැම්‍බර් මස 22 වන ඉරිදා

2024 මැයි 22, පෙ.ව. 11:16



ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ඕනෑම අවස්ථාවක පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට දැන් හැකියාව ලැබී ඇති බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා සඳහන් කරයි.

මැතිවරණය සම්බන්ධයෙන් දේශපාලන උනන්දුව බලාපොරොත්තු විය යුතු දෙයක් බව, පාර්ලිමේන්තුව විසුරුවා හරින බවට පැතිර යන ආරංචි සම්බන්ධයෙන් කළ විමසීමකදී අග්‍රාමාත්‍යවරයා මේ බව සදහන් කරයි.

මේ අතර පාර්ලිමේන්තුව නියමිත කාලයට පෙර විසුරුවා නොහරින බවත් නිසි කාලයට පාර්ලිමේන්තුව විසුරුවා හරින බවට තමන් සහතික වන බව කතානායක මහින්ද යාපා අබේවර්ධන සදහන් කරයි.

එනිසා මේ වනවිට පාර්ලිමේන්තුව විසුරුවන බවට පලවන වාර්තා අසත්‍ය බවද කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා සදහන් කරයි.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: