hit counter

2024 දෙසැම්‍බර් මස 21 වන සෙනසුරාදා

2022 ජූනි 24, පෙ.ව. 11:40


කුමාර වෙල්ගම නිදහස්

කුමාර වෙල්ගම මහතාට එරෙහිව අල්ලස් කොමිසම ගොනුකර තිබූ නඩුවකින් ඒ මහතා නිදහස් කරන ලෙසට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද නියෝග කළා.

අදාළ නඩුව අද කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් නන්දන අමරසිංහ මහතා හමුවේ කැඳවනු ලැබුවා.

ඉකුත් යහපාලන රජය සමයේ ගමනාගමන මණ්ඩලය තුළ නොමැති තනතුරක් වන නියෝජ්‍ය සභාපති තනතුරක් නිර්මාණය කර රජයට රුපියල් ලක්ෂ 30කට ආසන්න පාඩුවක් සිදු කරන බවට චෝදනා කරමින් මෙම නඩුව ගොනු කර තිබෙනවා.