hit counter

2025 අගෝස්‍තු මස 05 වන අඟහරුවාදා

2024 මැයි 27, ප.ව. 12:34



අද (27) දිනයේ ‘එක්ව නංවන රටක් – සතුටු පිරුණු දැයක්’ තේමා කරගනිමින් දේශපාලන පක්ෂ කිහිපයක් සහ සිවිල් සංවිධාන කිහිපයක් එක්වී ‘සර්ව ජන බලය’ නමින් නව දේශපාලන ව්‍යාපාරයක් ආරම්භ කළා.

ඒ සඳහා මව්බිම ජනතා පක්ෂය, පිවිතුරු හෙළ උරුමය, ජාතික නිදහස් පෙරමුණ, ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණ, ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂය, යුතුකම ජාතික සංවාද කවය සහ පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය චන්න ජයසුමන ප්‍රමුඛ ස්වාධීන මන්ත්‍රී සංසදය මෙලෙස ගිවිසුම්ගත විය.

මේ අනුව අදාළ දේශපාලන ව්‍යාපාරය පිහිටුවීමේ ලිඛිත ගිවිසුමට අද කොළඹදී අත්සන් තබනු ලැබුවා.