hit counter

2026 මාර්තු මස 13 වන සිකුරාදා

2024 මැයි 27, ප.ව. 1:04



මියන්මාරයේ පරිගණක අපරාධකරුවන්ගේ සයිබර් කදවුර තුළ බලහත්කාරයෙන් රඳවා ගෙන සිටින ශ්‍රී ලාංකික තරුණ – තරුණියන් 49 දෙනා සහ රුසියානු යුද්ධයට ගිය හිටපු හමුදා සාමාජිකයින් බේරා ගෙන යළි ශ්‍රී ලංකාව වෙත රැගෙන ඒම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා විපක්ෂයේ මන්ත්‍රීවරුන් තුන්දෙනකු අද (27) දිවයිනෙන් පිටත්ව ගියා.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන වසන්ත යාපා බණ්ඩාර, ජේ.සී.අලවතුවල සහ සුජිත් සංජය පෙරේරා මෙලෙස දිවයිනෙන් පිටත්ව ගිය විපක්ෂ මන්ත්‍රී කණ්ඩායමට අයත්.

ඔවුන් මියන්මාරයේ සහ රුසියාවේ දින 05 බැගින් ගත කරමින් මෙම සාකච්ඡා දියත් කිරීමට නියමිතයි.