hit counter

2026 මැයි මස 16 වන සෙනසුරාදා

2024 මැයි 30, ප.ව. 1:12



ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රකාරව නියමිත දිනට ජනාධිපතිවරණය පවත්වන බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන පැවසුවා.

කොළඹ ජාතික පුස්තකාල ප්‍රලේඛන සේවා මණ්ඩලයේ මාර්ටින් වික්‍රමසිංහ ජන ජීවිතය හා සාහිත්‍ය කලාභවන විශේෂ මැදිරිය විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමින් අග්‍රාමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළා.

එමෙන්ම අග්‍රාමාත්‍යවරයා කියා සිටියේ වගකීම් විරහිත ප්‍රකාශවලින් රට කැලඹීමට ප්‍රජාතන්ත්‍රවාදී රජයක් හෝ පාර්ලිමේන්තුවක් ඉඩ නොතබන බවයි.