hit counter

2024 ජූලි මස 02 වන අඟහරුවාදා

2024 ජූනි 01, පෙ.ව. 10:34



T20 ලෝක කුසලානයේ අයර්ලන්තය සමග පැවැති 2වැනි පෙර පුහුණු තරගයෙන් ලකුණු 41ක ජයක් වාර්තා කරන්නට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය.

මෙම තරගයේ පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකාව පන්දුවාර 20 අවසානයේදී කඩුලු 8ක් දැවී ලකුණු 163ක් ලබා ගත්තේය.

නායක වනිඳු හසරංග ලකුණු 23ක් ද , දසුන් ශානක ලකුණු 23ක් ද, ඇන්ජලෝ මැතිව්ස් නොදැවී ලකුණු 32ක් ද ලබා ගත්තා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ අයර්ලන්තයට පන්දුවාර 18.2කදී රැස්කර ගැනීමට හැකිවුණේ ලකුණු 122ක් පමණයි.

පන්දු යැවීමේදී දසුන් ශානක ලකුණු 23කට කඩුලු 4ක් දවා ගත්තේය.

මහීෂ් තීක්ෂණ ලකුණු 14කට කඩුලු 2ක් ද ,වනිඳු හසරංග ලකුණු 40කට කඩුලු 2ක් ද දවා ගත්තා.