hit counter

2025 අගෝස්‍තු මස 05 වන අඟහරුවාදා

2024 ජූනි 01, ප.ව. 6:30



විශ්ව විද්‍යාල අනධ්‍යන කාර්‍ය මණ්ඩල විසින් ආරම්භ කර ඇති වැඩ වර්ජනය තවමත් අවසන් වී නොමැති අතර එය විසදා ගැනීමට විශය භාර අමාත්‍යවරයාට කිසිදු උවමනාවක් නොමැති බව එම වෘත්තීය සමිති සංගම් චෝදනා කරයි.

එම සංගම් සමග සාකච්ඡා කිරිම සදහා අවස්ථාවක් ලබා දී ඇති බව රාජ්‍ය අමාත්‍ය සුරේෂ් රාගවන් මහතා මාධ්‍යයට පැවසුවද එවැනි කිසිදු සාකච්ඡාවක් ලබා දී නොමැති බව එම වෘත්තීය සමිති සංගම් පවසනවා.

තත්වය එසේ තිබියදී නව සන්ධානයේ ඒකාබද්ධ ස්වාධීන වෘත්තීය සමිති සන්ධානයේ සභාපති අසංක ශ්‍රීනාත් මහතා කියා සිටියේ මෙම ගැටලුව නිරාකරණය කිරීම සදහා මැදිහත් වී ඇති බවයි.

ඒ අනුව විශය භාර කැබිනට් අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත් මහතා සමග මේ ගැන සාකච්ඡා කිරීම සදහා ලබන සදුදා පස්වරු 1.00 ට නාරාහේන්පිට වෘත්තීය පුහුණු අධිකාරි ශ්‍රවණාගාරයේදී රැස්වීමක් කැදවා ඇති බවද ඔහු කියා සිටියා