hit counter

2026 සැප්‍තැම්‍බර් මස 06 වන ඉරිදා

2024 ජූනි 02, ප.ව. 4:22


දුම්රිය මාර්ගයේ පාලමක් කඩා වැටී ගමනාගමනය ඇණ හිටී

පාලමක් කඩාවැටීම හේතුවෙන් කැලණිවැලි මාර්ගයේ දුම්රිය ගමනාගමනය ඇණ හිට ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව දන්වා සිටී.

වර්ෂා තත්ත්වත් සමඟ පැරණි අබලන්ව පැවත් පාලමක් මෙලෙස විනාශ වී ඇති බව වැඩිදුරටත් සඳහන් වෙනවා.

ශ්‍රී ලංකා දුම්රිය දෙපාරත්මේන්තුව පැවසූවේ වග සහ කොස්ගම දුම්රිය ස්ථාන අතර මෙම සිදුවීම සිදුව ඇති බවයි.

කෙසේ වෙතත් වග දුම්රිය ස්ථානය දක්වා කැලණිවැලි දුම්රිය මාර්ගයේ දුම්රිය ක්‍රියාත්මක බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

අද දිනයේ සියලු දුම්රිය වැසි කාළගුණය හේතුවෙන් ප්‍රමාද වී ඇති බවද වාර්තා වෙනවා.