hit counter

2026 අප්‍රේල් මස 07 වන අඟහරුවාදා

2022 ජූනි 25, ප.ව. 5:01


හැටන් වලින් කොළඹ මාර්ගය වසයි

හැටන් නගරයේ සිපෙට්කෝ ඉන්ධන පිරවුම්හලකින් භූමිතෙල් මිල දි ගැනිමේ අපේක්ෂාවෙන් පෝලිම් වල රැදි සිටි දෙදහසක් පමණ පාරිභෝගිකයෝ පිරිසක් ඉන්ධන පිරවුම්හල ඉදිරිපිටින් හැටන් කොළඹ ප්‍රධාන මාර්ගය අවහිර කරමින් උද්ඝෝෂණයක නිරත වී සිටින බව ඒෂියන් මිරර් වාර්තාකරු සඳහන් කළා.

හැටන් ප්‍රදේශයට භුමිතෙල් ඉකුත් (09) දිනයෙන් පසු  තොග නොලැබුණු බවත්, දිනපතා තමන් පැය ගණනාවක් පෝලිම්වල රැදි සිට ආපසු හිස් අතින් නිවාස කරා යන බව උද්ඝෝෂණයේ නිරතව සිටි පාරිභෝගිකයෝ කියා සිටියා.

හැටන් කොළඹ ප්‍රධාන මාර්ගයේ ධාවනය කල වාහන උද්ඝෝෂණය හේතුවෙන් විකල්ප මාර්ග ඔස්සේ ධාවනය කරවිමට හැටන් පොලිසියේ නිලධාරින් කටයුතු කෙරුණා.