2022 අප්‍රේල් 19, ප.ව. 12:11
ඊයේ (18) මධ්‍යම රාත්‍රියේ සිට ලංකා ඛනිජ සංස්ථා (සිපෙට්කෝ) තෙල් මිල ගණන් ඉහළ යෑම සම්බන්ධයෙන් ඊයේ (18) නව ඛනිජ තෙල් ඇමතිවරයා ලෙස දිව්රුම් දුන් කාංචන විජේසේකර මහතා පාර්ලිමේන්තුව හමුවේ කරුණු දැක්වූවා.
තෙල් මිල ගණන් ඉහළ දැමීමට ගත් තීන්දුවත් සමග බොහෝ ක්ෂේත්‍ර වල ජනතාව අපහසුතාවයට පත්වන බව තමන් හොඳින් දන්නා බව ඔහු සඳහන් කළා.
දිගින් දිගටම පාඩුව
එහෙත් ලංකා ඛනිජ තෙල් සංස්ථාව දිගින් දිගටම ලබන පාඩුව හමුවේ තව දුරටත් තෙල් මිල ගණන් වැඩි නොකර බැරි බවයි ඔහු සඳහන් කරන්නේ.
ඔහු වැඩි දුරටත් සඳහන් කරන්නේ ඊට තෙල් ගෙන ඒම සඳහා වැය වන ඩොලරයේ වටිනාකම දිනෙන් දින ඉහළ යාමද බලපා ඇති බවයි.
එසේ තෙල් මිල වැඩි කර දෛනිකව රුපියල් මිලියන 300 ක පමණ පමණ පාඩුවක් තවමත් සිදුවන බව නව ඇමතිවරයා සඳහන් කළා.
ඇමතිවරයාගේ අභියෝගය
තෙල් මිල ගණන් අඩු කිරීමට හැකි අයෙක් වේ නම් එම අභියෝගය බාර ගන්නා ලෙසත් විජේසේකර මහතා සභාවෙන් ඉල්ලා සිටියා.
තෙල් මිල වැඩි කිරීමට පෙර ඊයේ (18) තමා ඛනිජ තෙල් සංස්ථා නිලධාරීන් සමග සාකච්ඡා කළ බවත් ඔහු පෙන්වා දුන්නා.
2025 අප්‍රේල් 10, ප.ව. 7:35
2025 අප්‍රේල් 10, ප.ව. 7:15
2025 අප්‍රේල් 10, ප.ව. 5:25
2025 අප්‍රේල් 10, ප.ව. 5:06
2025 අප්‍රේල් 10, ප.ව. 3:36