hit counter

2026 අප්‍රේල් මස 30 වන බ්‍රහස්පතින්දා

2022 අප්‍රේල් 19, ප.ව. 2:15


බස් ගාස්තු ඉහළට – අවම ගාස්තුව 27යි

ඉන්ධන මිල ඉහළ යාම නිසා 35% කින් බස් ගාස්තු ඉහළ දැමීමට පුද්ගලික බස් රථ සංගම් තීරණය කර තිබෙනවා.

අද (19) පැවති සාකච්ඡාවකදී ඔවුන් තීරණය කර ඇත්තේ අවම බස් ගාස්තුව රුපියල් 27ක් දක්වා ඉහළ නැංවීමටයි.

අද (19) මධ්‍යම රාත්‍රියේ සිට මෙම ගාස්තු වැඩිවීම ක්‍රියාත්මක කිරීමට නියමිතයි.