hit counter

2026 ජූනි මස 18 වන බ්‍රහස්පතින්දා

2024 ජූනි 07, පෙ.ව. 7:32



T29 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ පාකිස්ථානය සමග ඩලස්හි ක්‍රීඩාංගනයේ පැවැති තරගය සත්කාරක අමෙරිකාව ජය ගත්තා.

ඒ සුපිරි පන්දුවාරයේයි.

මෙම තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් පකිස්ථානය කඩුලු 7කට ලකුණු 159ක් රැස් කළා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ඇමෙරිකාවට ද කඩුලු 3ක් දැවී ලකුණු 159ක් රැස් කර ගත්තේය.

ඒ අනුව ලබා දුන් සුපිරි පන්දුවාරයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ඇමෙරිකාව එක් කඩුල්ලක් දැවී ලකුණු 18ක් රැස් කළා.

පාකිස්ථානයට සුපිරි පන්දුවාරයකදී එක් කඩුල්ලක් දැවී ලබා ගැනීමට හැකිවුණේ ලකුණු 13ක් පමණක් වෙයි.

ඇමෙරිකාවේ පළමු වරට පාකිස්ථානයට් එරෙහිව පන්දුවාර 20 තරග ජයක් වාර්තා කිරීමට සමත් විය.