2024 ජූනි 16, පෙ.ව. 12:01
 
            
මෙරට පුංචි තිරයේ ඉන්නා ප්‍රවීණ රංගන ශිල්පිනියන් අතරින් ප්‍රමුඛතම චරිතයක් වශයෙන් නිල්මිණි තෙන්නකෝන් මහත්මිය හදුන්වන්නට පුළුවන්.
ඇයගේ රංගන හැකියාව නිසාම මෙරට කලා ක්ෂේත්‍රය තුළ හිමි වන සම්මාන රැසකින් ඇය පිදුම් ලබා තිබෙනවා.
විවිධ චරිත නිරුපණය කරන චරිතාංග නිළියක් වශයෙන්ද ඇයව හදුන්වන්නට පුළුවන්.
අප කවුරුත් දන්නා ජනප්‍රිය ගායකයෙකු වන මධුමාධව අරවින්ද සමඟ විවාහ වී මේ වන විට ඔහුගෙන් වෙන් වී දියණිය සමග කාලය ගත කරන නිල්මිණි තෙන්නකෝන් දරුවා එක්ක කලා කටයුතු කටයුතුත් සමබරව කරගෙන යනවා.
සිය දියණිය වෙනුවෙන් අප්‍රමාණ කැපකිරීම් කෙරූ ආදරණීය මවක් වූ නිල්මිණි සමාජ සේවයේ ද නියැලෙන අයෙක් බැව් බොහෝ දෙනෙක් නොදැනුවත්.
කොහොම වුණත්, ශ්වේතා නිල්මිණිගේ හීන සැබෑ කරන දුවෙක්.
ඒ නිසා නිල්මිණි ඉන්නේ ගොඩක් සතුටෙන්.. ඒත් දැන් ශ්වේතා ටික ටික ලොකු වෙලා.. දැන් ඇය යෞවනියක්… ඒ නිසාම අම්මා කෙනෙක් විදිහට නිල්මිණිට හිතන්න කාරණා ගොඩක් ඇති..
ඒ කතා කොහොම වුණත් , කාලෙකදි තමන්ගේ ජීවිතේට එල්ල වුණ අභියෝගත් එක්ක ඇයට මුහුණ දෙන්න වුණු ඇතැම් සිදුවීම් එක්ක, ජීවිතේ මේ තරම් දුර ගොඩනගා ගත්තා කියන්නේ ඇත්තටම මේ ප්‍රවීණ රංගන ශිල්පිනිය ආදර්ශමත් මවක්..
කොහොම වුණත් ඇයට දැනෙන මේ හැඟීම නිල්මිණි මෙන්න මේ විදිහට ඇගේ සමාජ මාධ්‍ය පිටු අතරට එක්කරලා තිබුණා..
“හිතන්න ගොඩක් දේවල් තියෙනවා ගොඩක් මහන්සියි, තනියම ඉටු කරන්න වගකීම් ගොඩක් තියෙනවා.. ඒ හැමදේම කරන්න ඕන මං මට ආදරෙයි, මං මහන්සියෙන් හදාගත්ත නමට ආදරේ එය ආදරේ දුන්න රසික රසිකාවියන්ට ආදරේ ඒ තමයි මගේ ආදරණීයන් ඉතින් පරිස්සමෙන් තමන්ගේ ජීවිතය ජයග්‍රහණය කරා යන්න ඕනා මහන්සියෙන් උපයා ගන්නා හැම දෙයකම වටිනාකම වැඩියි”
 
                                                        2025 ඔක්‍තෝබර් 31, පෙ.ව. 12:09
 
                                                        2025 ඔක්‍තෝබර් 30, පෙ.ව. 12:08
 
                                                        2025 ඔක්‍තෝබර් 29, ප.ව. 4:32
 
                                                        2025 ඔක්‍තෝබර් 29, ප.ව. 1:06
 
                                                        2025 ඔක්‍තෝබර් 29, පෙ.ව. 12:06
31-10-25
 
                                            31-10-25
31-10-25
 
                                            31-10-25
31-10-25
 
                                            31-10-25
31-10-25
 
                                            31-10-25
30-10-25
 
                                            30-10-25
30-10-25
 
                                            30-10-25
30-10-25
 
                                            30-10-25
30-10-25
 
                                            30-10-25
30-10-25
 
                                            30-10-25
29-10-25
 
                                            29-10-25
29-10-25
 
                                            29-10-25
29-10-25
 
                                            29-10-25