hit counter

2025 මාර්තු මස 14 වන සිකුරාදා

2024 ජූනි 17, පෙ.ව. 11:25



ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ සියයට පනස් එක ලෑස්ති වුණොත් ජනාධිපතිවරණයට ඉදිරිපත් වන්නේ තමා බව පාර්ලිමේන්තු මන්ත්‍රී ව්‍යවසායක ධම්මික පෙරේරා මහතා පැවසුවා.

පක්ෂය තමාට කොන්දේසි දහයක් දුන් බවත් එම කොන්දේසි අනුව තමාගේ සැලසුම් සියල්ල සකස් කර අවසන් බවත් හෙතෙම ප්‍රකාශ කළා.

එම කොන්දේසි දහය අනුව රක්ෂා  හදන්නේ කොහොමද ආර්ථිකය ගොඩ දාන්නේ කොහොමද යන්න සම්බන්ධයෙන් සැලසුම් සකස් කළ බවද ඔහු සඳහන් කළා.

ධම්මික පෙරේරා මහතා මෙසේද පැවසුවා.

“මම ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ මන්ත්‍රීවරයෙක්.අපි බලමු මොකද වෙන්නේ කියලා. ජනාධිපතිවරණයට තව දවස්115 ක් තියෙනවා”