hit counter

2025 ජූනි මස 17 වන අඟහරුවාදා

2024 ජූනි 29, ප.ව. 3:57



සමගි ජන බලවේගයෙන් සහාය ලබාදෙන බව පැවසූ මන්ත්‍රීවරුන් 25 දෙනා ජූලි මස 15 වැනි දිනට පෙර එක් කර ගන්නා ලෙස  ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජනාධිපති වික්‍රමසිංහ මහතාට දෙවන වරටත් දැනුම් දී තිබෙනවා.

එසේ විපක්ෂ මන්ත්‍රීවරු 25දෙනා සම්බන්ධ කර ගැනීමට නොහැකි වුවොත් පොදු ජන පෙරමුණෙන් වෙනම ජනාධිපති අපේක්ෂකයෙක් ඉදිරිපත් කරන බවද පසුගිය සතියේ පැති සාකච්ඡාවකදී අවධාරණය කර ඇත.

මේ අතර පොදු ජන පෙරමුණෙන් ජනාධිපති අපේක්ෂකත්වය බලාපොරොත්තුවෙන් සිටින කිහිප දෙනෙකු සමග එම පෙරමුණ පසුගිය සතියේදී සාකච්ඡා ආරම්භ කර තිබෙනවා.

තවද පොහොට්ටුවේ බිම්මට්ටමින් පොදුජන පෙරමුණේ අපේක්ෂකයකු ඉදිරිපත් කරන ලෙසට දැඩි බලපෑම් එල්ල වී ඇත.