hit counter

2024 අප්‍රේල් මස 28 වන ඉරිදා

2022 ජූනි 27, පෙ.ව. 11:05



ඇඟලුම් සේවකයින් ප්‍රවාහනය කළ බස් රථයක් ඉන්ධන පෝලිමක සිටි පිරිසකගේ ගැටී අනතුරක් සිදුවී තිබෙනවා.

අද (27) උදෑසන මඩකලපුව පොලිස් වසමේ ඌරණිය ප්‍රදේශයේ ඉන්ධන පිරවුම්හලක් අසලදී එම අනතුර සිදුවී ඇති බවට තොරතුරු වාර්තා වෙනවා.

කෙසේ වෙතත් අනතුරින් ඉන්ධන පෝලිමේ සිටි පුද්ගලයින් පස් දෙනෙක් තුවාල ලබා මඩකලපුව රෝහලට ඇතුළත් කර ඇති අතර තුවාල ලැබුවන්ගේ තත්ත්වය බරපතළ නොවන බව රෝහල් ආරංචි මාර්ග පවසයි.