2026 ජූනි 08, ප.ව. 1:28
පාස්කු ඉරිදා ත‍්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් දැනට ක්‍රියාත්මක වන විමර්ශන කිසිදු හේතුවක් මත අඩාල වීමට හෝ වෙනත් අතකට හැරවීමට ඉඩ දිය නොහැකි බව අගරදගුරු පදවියේ මාධ්‍ය ප්‍රකාශක සිරිල් ගාමිණී පියතුමා අවධාරණය කරයි.
අද (08) කොළඹදී පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් පියතුමා සඳහන් කළේ, මෙම විමර්ශන නතර කිරීම හෝ ඒවාට බාධා පැමිණවීම එම ප්‍රහාරයෙන් බැටකෑ වින්දිතයන්ට කරනු ලබන දැවැන්ත අසාධාරණයක් බවයි.
මොනතරම් බාධක පැමිණියද මෙම විමර්ශන කටයුතු අඛණ්ඩව කරගෙන යන ලෙස තමන් රජයෙන් සහ විමර්ශන කණ්ඩායම්වලින් ඉල්ලා සිටින බව උන්වහන්සේ පැවසූහ.
විශේෂයෙන්ම මෙම ක්‍රියාවලිය සඳහා දේශපාලඥයන් ඇඟිලි නොගැසිය යුතු බවත්, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඇතුළු නිත්‍යානුකූල විමර්ශන කණ්ඩායම්වලට ස්වාධීනව සහ නිදහසේ සිය රාජකාරි කරගෙන යාමට අවශ්‍ය පහසුකම් සැලසීම සැමගේ වගකීම බවත් පියතුමා පෙන්වා දුන්නේය.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ සිරිල් ගාමිණී පියතුමා, තමන්ට එරෙහිව සුරේෂ් සලේ මහතා ගොනු කර ඇති අපහාස නඩුව සම්බන්ධයෙන් සමාජ මාධ්‍යවල පළවන විවිධ මත පිළිබඳවද පැහැදිලි කිරීමක් කළේය.
සුරේෂ් සලේ මහතා අත්අඩංගුවට ගැනීම හරහා මෙම අපහාස නඩුව අඩාල කිරීමට උත්සාහ කරන බවට පැතිර යන කතා පදනම් විරහිත බව උන්වහන්සේ ප්‍රකාශ කළහ.
අදාළ නඩු කටයුත්ත අතරතුර අධිකරණ පරිශ්‍රයේදී සුරේෂ් සලේ මහතා තමන් හමු වී නඩුව සමථයකට පත් කර ගැනීමට යෝජනා කළ බව පියතුමා මෙහිදී හෙළි කළේය.
තමන් කළ ප්‍රකාශයෙන් සලේ මහතාගේ නම ඉවත් කරගන්නේ නම් නඩුව සමථයකට පත් කිරීමට ඔහු සූදානමින් සිටි බවත්, එහෙත් තමන් කළ ප්‍රකාශය සත්‍යයක් බව තවමත් විශ්වාස කරන බැවින් එම යෝජනාව ප්‍රතික්ෂේප කළ බවත් පියතුමා සඳහන් කළේය.
“මට වන්දි ගෙවීමෙන් බේරෙන්න ඕනකම තිබුණා නම් එදාම ඒක කරන්න තිබුණා. නමුත් මට අවශ්‍ය වුණේ මා කියපු දේ සත්‍යයක් බව ඔප්පු කරලා පෙන්වන්නයි,” යනුවෙන් පියතුමා වැඩිදුරටත් අවධාරණය කළේය.
ඒ අනුව නීත්‍යානුකූලව එම නඩුවට මුහුණ දීමට තමන් සූදානම් බවද උන්වහන්සේ පැවසූහ.
2026 ජූනි 08, ප.ව. 2:25
2026 ජූනි 08, ප.ව. 2:08
2026 ජූනි 08, ප.ව. 12:25
2026 ජූනි 08, ප.ව. 12:22
2026 ජූනි 08, පෙ.ව. 9:51
08-06-26
08-06-26
08-06-26
08-06-26
08-06-26
08-06-26
07-06-26
07-06-26
07-06-26
07-06-26
07-06-26
07-06-26
06-06-26
06-06-26
05-06-26
05-06-26
05-06-26
05-06-26
05-06-26
05-06-26
05-06-26
05-06-26
05-06-26
05-06-26