hit counter

2025 ජූලි මස 03 වන බ්‍රහස්පතින්දා

2024 ජූනි 29, ප.ව. 6:48


රංගේ බණ්ඩාරගේ පුතාට ඇප

පුත්තලම, කරුවලගස්වැව ප්‍රදේශයේදී සිදුවූ රිය අනතුරක් සම්බන්ධයෙන් අත්අඩංගුවට පත්වූ එක්සත් ජාතික පක්ෂ මහලේකම් පාලිත රංගේ බණ්ඩාර මහතාගේ පුත් ‍‍යශෝධ රංගේ බණ්ඩාර ඇප මත මුදහැරීමට පුත්තලම මහෙස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබෙනවා.

කෙසේ වෙතත්, ඔහුගේ රියදුරු බලපත්‍රය තාවකාලිකව අත්හිටුවීමට අධිකරණය නියෝග කළා.

එම අනතුර සිදුව ඇත්තේ, අද (29) අලුයම 4.30ට පමණ කරුවලගස්වැව හතේ කණුව මී ඔය ආසන්නයේදීය.