hit counter

2026 ජූනි මස 01 වන සඳුදා

2022 ජූනි 27, ප.ව. 3:28


රඹුක්කන සිද්ධිය සම්බන්ධයෙන් ඇප දීමට නීතිපතිගේ විරෝධය

ඉකුත් අප්‍රෙල් 19 වැනි දා ඉන්ධන ඉල්ලා රඹුක්කන ප්‍රදේශයේ ඇති වූ විරෝධතාවක් අතරතුර දී වූ වෙඩිතැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින කෑගල්ල හිටපු ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කේ.බී කීර්තිරත්න ඇතුළු පොලිස් නිලධාරීන් සිව්දෙනා ඇප මත මුදාහැරීමට විරුද්ධ වන බව නීතිපතිවරයා අභියාචනාධිකරණට අද (27) දැනුම් දී තිබෙනවා.

ඒ සිද්ධිය සම්බන්ධයෙන් තමන්ව අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කිරීමේ තීරණය බල රහිත කරන ලෙස ඉල්ලමින් කෑගල්ල හිටපු ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කේ.බී කීර්තිරත්න ඇතුළු පොලිස් නිලධාරීන් සිව්දෙනා ඉදිරිපත් කළ රිට් පෙත්සම් කැඳවනු ලැබූ අවස්ථාවේ දී.

අදාළ විරෝධතාව අභියාචනාධිකරණට දැනුම් දී ඇත්තේ නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් ජනක බණ්ඩාර මහතා විසින්.

එහි දී පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ශවීන්ද්‍ර ප්‍රනාන්දු, අධිකරණය හමුවේ කරුණු දක්වමින් කියා සිටියේ, තම සේවාදායකයින් ඇප මත මුදාහැරීම සම්බන්ධයෙන් සම්බන්ධයෙන් නීතිපතිවරයා විරුද්ධත්වයක් නො දක්වනවා නම් මෙම පෙත්සම තවදුරටත් පවත්වාගෙන යාමේ අවශ්‍යතාවක් මතු නොවන බවයි.