hit counter

2026 ජූනි මස 25 වන බ්‍රහස්පතින්දා

2022 ජූනි 28, පෙ.ව. 9:34



ඉන්ධන පිරවුම්හල් විදේශීය සමාගම්වලට ලබාදීමට කර ඇති යෝජනාවට විරුද්ධය දක්වමින් ඛනිජ සංස්ථාවේ සේවකයන් පිරිසක් කොළඹ 7, මල් පාරේ පිහිටි බලශක්ති අමාත්‍ය පරිශ්‍රය තුළ විරෝධතාවක් ඊයේ (27) පස්වරුවේ පැවැත්වූවා.

එහිදී එම විරෝධකරුවෝ බලශක්ති අමාත්‍යංශයේ ලේකම් එම්.පී.ඩී.යූ.කේ මාපා පතිරණ මහතාගේ වාහන වට කර පසුව අමාත්‍යංශයේ පරිශ්‍රයේ ඒ මහතා සිරගත්තා.

පසුව ආරක්ෂක අංශ මැදහත්වී ඔහුව අමාත්‍යාංශය වෙත යලිත් කැඳවාගෙන ගොස් තිබුණා.

ඉන් අනතුරුව පිරිපහදු සේවකයින්ට අමාත්‍යංශ ලේකම්වරයා සමඟ සාකච්ඡාවක් ලබා දුන් අතර එයද විසදුමකින් තොරව අවසන් වුණා.