2024 ජූලි 14, ප.ව. 2:01
ලොව දැවැන්තම චිත්‍රපට නිෂ්පාදන සමාගමක් වන Lyca Production ආයතනය සිය නවතම සිනමා නිර්මාණය වන Indian 2 චිත්‍රපටය අද දිනයේදී ශ්‍රී ලංකාව, ඉන්දියාව, ඇමරිකාව, කැනඩාව, එංගලන්තය, සිංගප්පූරුව අතුලව ලොව පුරා රටවල් රැසක තිරගත වීම ආරම්භ කළා.
ශ්‍රී ලංකාවේ ඉපිද ලෝකය ජයගත් කීර්තිමත් ශ්‍රී ලාංකික ව්‍යවසායකයකු මෙන්ම Lyca Production ඇතුළු ලයිකා සමූහයේ නිර්මාතෘ ආචාර්ය අලිරාජා සුභාස්කරන් මැතිතුමාගේ නවතම චිත්‍රපට නිෂ්පාදනය ලෙසයි Indian 2 හැදින්වෙන්නේ.
කමල් හසන්, කාජල් අග්‍රාවාල්, රකූල් ප්‍රීට්, සිද්ධාර්ත් සූර්යනාරායන් ඇතුළු ජනප්‍රිය තරු රැසක් රංගනයෙන් දායකත්වය ලබා දෙන මෙම විශ්වීය සිනමා කෘතිය අධ්‍යක්ෂණය කරන්නේ එස්.ශංකර්.
ලොව පුරා අතිශය ජනාදරයට පත් පොන්නියන් සෙල්වම්, කත්තී, 2.0, එන්නකුඑර්රෝරු පේරු ඉරක්කු, යාමන්, දියා, මාෆියා, පත්නි, කුට්ටි, දොන්, නායි නයින්සේ කර් රිටන්, චන්ද්‍රමුකී 2 යන සුවිශාල චිත්‍රපට ලොව පුරා සිනමා ලෝලින් වෙත ලබාදෙමින් විශ්විය සිනමා කර්මාන්තයේ ශ්‍රී ලාංකීය සලකුණ සනිටුහන් කළ ආචාර්ය අලිරාජා සුභාස්කරන් මැතිදුන් 2024 වර්ෂයේ දී සිය ලොව පුරා සිටින රසික ජනතාවට Indian 2 තිළිණ කර තිබෙනවා.
තවද එතෙක් මෙතෙක් ඉතිහාසය පුරාවටම විශාල පිරිවැයක් දරමින් නවීනතම තාක්ෂණය යොදා චිත්‍රපට විශාල සංඛ්‍යාවක් නිර්මාණය කළ එකම ශ්‍රී ලාංකිකයා ලයිකා සමූහයේ නිර්මාතෘ ආචාර්ය අලිරාජා සුභාස්කරන් මැතිතුමා බැව් අප සිහිකරනුයේ මහත්වූ ආඩම්බරයකින්.
2026 ජනවාරි 30, ප.ව. 3:33
2026 ජනවාරි 30, ප.ව. 2:22
2026 ජනවාරි 30, පෙ.ව. 10:35
2026 ජනවාරි 30, පෙ.ව. 12:16
2026 ජනවාරි 29, පෙ.ව. 12:13