hit counter

2026 ජූනි මස 01 වන සඳුදා

2022 ජූනි 28, ප.ව. 9:05


බස්නාහිර පළාතේ වාහනවල ආදායම් බලපත්‍රවලට සහන කාලයක්

බස්නාහිර පළාතේ ලියාපදිංචි වාහන සඳහා වාහන ආදායම් බලපත්‍ර ලබා ගැනීමට සහන කාලයක් ලබාදී තිබෙනවා.

ඒ අනුව 2022 ජුලි 29 වනදා දක්වා බස්නාහිර පළාතේ ලියාපදිංචි වාහන සඳහා වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරීමේදී දඩ මුදල් අය නොකිරීමටයි තීරණය කර තිබෙන්නේ.

එමෙන්ම බස්නාහිර පළාතේ මෝටර් දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවිය වෙත පිවිස මාර්ගගත ක්‍රමවේදය ඔස්සේ බස්නාහිර පළාතේ ලියාපදිංචි වාහන සඳහා වාහන ආදායම් බලපත්‍ර ලබා ගැනීමට හැකියාව පවතිනවා.