hit counter

2026 ජනවාරි මස 08 වන බ්‍රහස්පතින්දා

2024 අගෝස්‍තු 01, ප.ව. 4:29



රත්නපුර පිහිටි පවිත්‍රා වන්නිආරච්චි ඇමතිවරියගේ නිවස අසල මේ වන විට උණුසුම් තත්වයක් හටගෙන තිබෙනවා.

පොහොට්ටුවේ රත්නපුර ග්‍රාමීය නායකයින් සිය නිවසට කැඳවා ඉදිරි දේශපාලන කටයුතු කෙසේ සිදුවිය යුතු දැයි විමසා ඇති බවයි වාර්තා වෙන්නේ.

එම අවස්ථාවේ ජනතාව එක හෙලා පවසා ඇත්තේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහාය ලබාදිය යුතුය යන්නයි.
හිටපු පළාත් සභා සහ පළාත් පාලන මන්ත්‍රීවරු 78ක් ඇතුළුව ග්‍රාමීය නායක නායිකාවන් අති විශාල පිරිසක් මේ සදහා එක්ව තිබෙනවා.

එහිදී පොහොට්ටුවේ ජනපති අපේක්ෂකයා ලෙස ඉදිරිපත් වීමට නියමිත ධම්මික පෙරේරා මහතා ඉදිරිපත් කරවීමේ යෝජනාවට කැමති වී ඇත්තේ තිදෙනෙකු පමණයි.

මෙහිදී ඇමතිවරිය පවසා ඇත්තේ මෙම පණිවිඩය මහින්ද රාජපක්ෂ මහතාට දැනුම් දෙන බවයි.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: