hit counter

2024 අප්‍රේල් මස 30 වන අඟහරුවාදා

2022 ජූනි 29, ප.ව. 3:25



විශේෂයෙන්ම තෙල් හා ගෑස් ගෙන්වීමේ කටයුතු වලට රාජපක්ෂ පවුලේ සාමාජිකයන් දැඩි ලෙස මැදිහත්වන බව පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චාමික රණවක මහතා පවසනවා.

එම මැදිහත් වීම නතර කළ යුතු බවද මන්ත්‍රීවරයා සඳහන් කළා.

පවතින ඉන්ධන අර්බුදය නිර්මාණය වීමට හේතු හා ඊට සමගාමීව රටතුළ ඇතිව තිබෙන ගැටළු පිළිබඳව 43 සේනාංක පරිශ්‍රයේ අද (29) පැවති මාධ්‍ය හමුවක් අමතමින් ඒ මහතා මේ බව පවසා සිටියා.

විවිධ තැන්වලින් විවිධ ආකාරයට තෙල් සම්පාදනය කර ගැනීමේ කටයුතු නවතා ලංකාව තුළ විධිමත්ව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ ලියාපදිංචි වී ඇති සමාගම් හරහා ඒ කටයුත්ත කළ යුතු බව පෙන්වා දුන් ඒ මහතා මිත්‍ර රාජ්‍යන් සමඟ විවෘත ක්‍රියාවලියක ඒ කටයුත්ත කළ යුතු බවත් ඊට රාජපක්ෂ පවුලේ සාමාජිකයන් ඇඟිලි ගැසිය යුතු නැති බවත් කියා සිටියා.

පහුගිය දිනවල ලංකාවට බොරතෙල් ගෙන ඒමට මැදිහත් වූ සමාගම මීට පෙර රාජපක්ෂ පවුලේ සාමාජිකයෙක්ට ගුවනට චන්ද්‍රිකා යවන්න උදව් කළ සමාගම බවත් මේ සමාගම් දෙකම එකක් බවත් චම්පික රණවක මන්ත්‍රීවරයා හෙළිදරව් කළා.

“ජනතාව පුපුරන තැනට ගෙනිහිල්ලා රට ලේ ගංගාවක් නොකොට ජනාධිපතිවරයා වහාම ඉල්ලා අස්විය යුතුයි ඉල්ලා අස් වුණාට පස්සේ එතනට පත් වෙන්නේ කවුද කියන එක පිළිබඳව ව්‍යවස්ථාවේ කියලා තියෙනවා. විසිහතර පැයක් ඇතුළත පාර්ලිමේන්තුව කැඳවලා, රහසිගත ඡන්දයෙන් රටේ ජනාධිපතිවරයෙක් පත්කරගත යුතුයි. ඒ වගේම අනිවාර්යයෙන්ම සර්ව පාක්ෂික පාලනයක් හදලා, නිශ්චිත වැඩපිළිවෙලක් හදලා, ස්වාධීන මැතිවරණ කොමිසමක් හා මැතිවරණ ක්‍රියාවලියක් ස්ථාපිත කරලා, දින වකවානු නියම කරලා මැතිවරණයකට ගමන් කිරීමේ අපිට නම් වරදක් පේන්නේ නැහැ.” යැයි ඔහු සඳහන් කළා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: