hit counter

2026 ජූනි මස 04 වන බ්‍රහස්පතින්දා

2024 සැප්‍තැම්‍බර් 01, ප.ව. 3:39


පූජ්‍ය බොරැල්ලේ කෝවිද හිමි අපවත් වෙයි

කොලොන්නාව ශ්‍රි බෝධි විහාරාධිපති විචිත්‍ර ධර්ම කථික පූජ්‍ය බොරැල්ලේ කෝවිද හිමියන්, අපවත් වී තිබෙනවා.

ඒ, කලක් රෝගාතුරව කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදීයී.

අපවත් වන විට උන්වහන්සේගේ වයස අවුරුදු 48 යි.

දේහය පිළිබඳ ආදාහන පූජෝත්සවය, ලබන අඟහරුවාදා පස්වරු 4.00 ට කොළොන්නාව පොදු සුසාන භූමියේදී සිදු කිරීමට නියමිත අතර දේහය මහජන ගෞරවය සඳහා හෙට (02) පෙරවරුවේ සිට කොළොන්නාව රජමහා විහාරස්ථානයේ තැන්පත් කර තැබීමට සැලසුම් කර තිබෙනවා.