hit counter

2024 මැයි මස 07 වන අඟහරුවාදා

2022 ජූනි 30, ප.ව. 1:36



බස් ගාස්තු ජාතික ප්‍රතිපත්තියට අනුව අද මධ්‍යම රාත්‍රියේ සිට සියයට 22කින් බස් ගාස්තු ඉහළ දැමීමට ජාතික ගමනාගමන කොමිසම අවසර ලබා දී තිබෙනවා.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් එම කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය නිලාන් මිරැන්ඩෝ මහතා සඳහන් කළේ, ඒ අනුව රුපියල් 32ක් ව පැවති අවම බස් ගාස්තුව රුපියල් 40 දක්වා ඉහළ දමන බවයි.

කෙසේ වෙතත් බස් ගාස්තු ඉහළ දැමීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා පෙරේදා ප්‍රවාහන අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති සාකච්ඡාවේ දී ඇතැම් බස් සංගම් සියයට 30ක බස් ගාස්තු වැඩිවීමක් ඉල්ලා සිටියා.

කෙසේ වෙතත්, සියයට 22කින් බස් ගාස්තු ඉහළ දැමීම තමන් පිළිගන්නා බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා කියා සිටියා.