2022 ජූනි 30, ප.ව. 4:24
මුදල් අමාත්‍යාංශය යටතේ ඇති ලිට්‍රෝ ගෑස් සමාගම එල්.පී ගෑස් මෙට්‍රික් ටොන් 100,000ක් ලබාගැනීමට අද (30) ගිවිසුම් අත්සන් කළ බව අග්‍රාමාත්‍ය කාර්යාලය කියයි.
එම ගෑස් මුළු තොගයේ මිල ඇමෙරිකානු ඩොලර් මිලියන 90ක්.
මෙම තොගය මාස හතරකට රටට ගෑස් සැපයීමට ප්‍රමාණවත් වනු ඇතැයි ද අග්‍රාමාත්‍ය කාර්යාලය පවසයි.
මෙම ගෑස් තොගයෙන් 70%ක් ගෘහස්ථ පාරිභෝගිකයන් වෙත ලබා දෙනු ඇතැයි ද එයින් කිලෝග්‍රෑම් 12.5 සිලින්ඩර මිලියන 5 ක්, කිලෝග්‍රෑම් 5 සිලින්ඩර මිලියන 1 ක් සහ කිලෝග්‍රෑම් 2.5 සිලින්ඩර මිලියන 1 ක් ලබා ගැනීමට ඇස්තමේන්තු කර ඇතැයි ද ඉතිරි ගෑස් 30% වාණිජ භාවිතය සඳහා ලබා දෙනු ඇතැයිද අග්‍රාමාත්‍ය කාර්යාලය සඳහන් කරයි.
2026 මාර්තු 09, ප.ව. 2:25
2026 මාර්තු 05, පෙ.ව. 11:02
2026 පෙබරවාරි 27, පෙ.ව. 8:56
2026 පෙබරවාරි 25, ප.ව. 2:54
2026 පෙබරවාරි 25, පෙ.ව. 9:27